අෂ්ෂෙයික් එම්.අයි.එම්.රිස්වි මුෆ්තී,
සභාපති,
සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව,
කොළඹ
21.112.2020
සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවේ සභාපති අෂ්ෂෙයික් රිස්වි මුෆ්තී මහතාට ප්‍රසිද්ධ ලිපිය.
ඉස්ලාමීය සූෆී පිළිවෙත ජනතාවට ඉගැන්වීමේදී මුස්ලිම්වරුන් අතර ආධ්යාරත්මික වර්ධනය අරමුණු කරගෙන ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) මැතිතුමන්ගේ මග පෙන්වීමෙන් වර්ෂ 40 ක් පමණ කාලයක් අපි ක්රිායා කරමින් සිටිමු. ශ්රීජ ලාංකික මුස්ලිම්වරුන්ගේ පාරම්පරික ඉස්ලාමීය සංස්කෘතික වටිනාකම ආරක්ෂා කිරීම අපගේ ප්රිධාන අරමුණු වලින් එකකි.
“කාදියානිවරුන්, කාත්තාන්කුඩියේ අබ්දුර් රවූෆ්ගේ කණ්ඩායම, ෂීයාවරුන් හැර ලංකාවේ සිටින අනෙකුත් මුස්ලිම්වරුන් සුන්නත් වල් ජමාඅත් අය වේ” නමින් ඔබ විසින් ප්රකකාශ කර ඇති බව 2020.10.09 දිනැති විඩිවෙල්ලි පුවත්පතේ මෑතකදී පල කර තිබුණි.
ඔබගේ මෙම කියමනෙන් ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) මැතිතුමන් හා එතුමාගේ උලමාවරුන්, බැතිමතුන් යන සියල්ල සුන්නත්වල් ජමාඅත් ප්‍ර තිපත්තියට විරුද්ධවාදීන් යන අදහස ගෙන දේ.
කාත්තාන්කුඩියේ හා ලංකාවේ සියළුම තැන්වල ජීවත් වන සූෆි මුස්ලිම් ප්රතජාව වන අපව “කාත්තාන්කුඩියේ අබ්දුර් රවූෆ්ගේ කණ්ඩායම” නමින් පහත් මට්ටමකට දමා ඇත.
ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) මැතිතුමන් හා එතුමා අනුගමනය කරන සූෆි මුස්ලිම් ප්‍ර ජාවන් වන අපි සත්ය් සූෆි මාර්ගයේ පාරම්පරික සුන්නත් වල් ජමාඅත් ප්රහතිපත්තිය අනුගමනය කරන අය වෙමු. වහ්හාබ්වාදය හා ඒ තුල පවතින අන්තවාදයට විරුද්ධව වර්ෂ 40 ක් පුරා ප්ර්චාරක කටයුතුවල නිරත වෙමු. මෙය ලොව දන්නා සත්‍ය යකි. එවැනි අපව සුන්නත් ජමාඅත් ප්රාතිපත්තියට පටහැනි අය ලෙස ඔබ විසින් පැවසීමට හේතුව කුමක්ද?
දැනට ඔබ ප්රුධානත්වය දරන සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් 1979 වර්ෂයේ “ඒකත්තුව කොල්හයින් ඌඩුරුවල්” යන නමින් ලබා දෙන ලද “ෆත්වා” ආගමික තීන්දුව පදනම් කරගෙන අපි සුන්නත් වල් අජමාඅත් ප්රදතිපත්තියට විරුද්ධ අය ලෙස පැවසුවේද?
එම ආගමික තීන්දුවේ සඳහන් පරිදි ඔබගේ අදහස පරිදි සූෆි මුස්ලිම්වරුන් වන අපිව මුර්තද්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූ අයයි. එසේ නම් ඉස්ලාමීය නීතියට අනුව ඝාතනය කල යුතු අය ලෙසත් ඔබ විසින් ප්රනකාශ කල යුතුයි. එසේ නොකියා සුන්නත් වල් ජමාඅත් ප්ර්තිපත්තියට විරුද්ධවන්නන් කියා ඔබ විසින් පැවසුවේ කුමක් පදනම් කරගෙනද?
1979 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් ප්රීකාශිත උක්ත ආගමික තීන්දුව ඉස්ලාමීය ෂරීආ ආගමික නීති ක්රසමයන්ට, මෙරට දේශපාලනික පනත්වලට හා මූලික මානව අයිතීන්වලට මුළුමනින්ම පටහැනි බව ඔබ නොදන්නවාද? නැත්නම් ඒ සියල්ල දැනගෙනත් තමාව ආරක්ෂා කර ගැනීම සඳහා සැලසුම් සහිතව සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් ප්රලකාශිත ආගමික තීන්දුව වසං කිරීමේ අරමුණින් අපි සුන්නත් වල් ජමාඅත් ප්රිතිපත්තියට විරුද්ධවාදීන් කියා ඔබ පැවසුවේද?
ඉස්ලාමීය සූෆි අදහස් “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි) යන දර්ශනය ප්රටකාශ කල ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) මැතිතුමන් හා එම ප්රනතිපත්තීන් පිළිගත් සූෆි මුස්ලිම් ප්‍ර ජාවන් වන අපිටත් මුර්තද්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූවන් බවත් මුර්තද්වරුන් ඉස්ලාම් නීතියට අනුව ඝාතනය කල යුතු බවත් තීන්දුව ලබා දීමට සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවට තිබෙන අයිතිය කුමක්ද?
එසේ තීන්දුවක් ලබා දීමට සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවට කිසිම අයිතියක් නොමැත යන්න පමණක් නොවේ එවැනි තීන්දුවක් ලබා දීම වෙනුවෙන් ඔබ අධිකරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදකරු බවත් අමතක නොකරන්න.
සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව පිහිටුවීමට පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සඳහා 1997 වර්ෂයේදී ඉදිරිපත් කිරීමේදී නීතිමය ෆත්වා – ආගමික තීන්දුව ලබා දීමේ බලය සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් ඉල්ලුම් කර තිබුණි. නමුත් 2000 වර්ෂයේදී එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී ෆත්වා – ආගමික තීන්දුව ලබා දීමේ බලය සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව වෙත ලබා නොදුන් හෙයින් එම සභාව වෙත ෆත්වා – ආගමික තීන්දුව ලබා දීමේ බලයක් නොමැත යන්න ප්රනසිද්ධ සත්යරයකි.
මෙරට තුල ෆත්වා – ආගමික තීන්දුව ලබා දීමේ බලය සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවට නොමැති අතර, ඉස්ලාමීය ෂරීආ නීතියට අනුව නිවැරදි අනුගමනයන් හා ක්රිමයාකලාපයන් අනුගමනය කොට නීති හා සාධාරණ ආගමික තීන්දුවක් සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් ප්රිකාශ කලේද යන්න ඔබට සිහි කැඳවීම සුදුසු බව සිතමු.
1979 වර්ෂයේ කාත්තාන්කුඩි වෙළඳ පොළ චතුරස්රියේදී පැවැති මීලාද් නබි උත්සවයේදී ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) විසින් නබි (සල්) තුමාණන් සාමාන්යී මිනිසෙකු බව සිතන අයට එතුමාණන් එවැනි කෙනෙකු නොවන බව පැහැදිළි කලේය. “හකීකත්තුල් මුහම්මදිය්යහ්” – මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ යථාර්ථය “මල්හරුල් අතම්මු” – මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ් දෙවියන්ගේ සම්පූර්ණ පැවැත්ම යන සත්යැ පැහැදිළිව ප්ර්කාශ කලේය. ඒ සියල්ලටම මූලික වූ “වහ්දතුල් වුජූද්” (සියල්ලට ඇත්තේ එකම පැවැත්මකි) යන දර්ශනය තුලින් සියල්ල ඔහුය යන කරුණ මෙහිදී ප්රලකාශ කලේය.
එය මූලික කරගෙන 1979.03.31 දින මරදාන සාහිරා විද්‍යා ලයේ ගෆූර් ශාලාවේදී සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවේ සාමාජිකයින් එක්රැස් වූහ. එහිදී ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) තුමාණන්ගේ කැසට් පටයෙන් කොටසකට පමණක් සවන් දීමෙන් අනතුරුව වරදකරු ලෙස ඝෘජුවම කිසිම විමර්ශනයකින් තොරව, කැසට් පටයෙන් ප්රසකාශිත අදහස් වලට අදාල අයගෙන් පැහැදිළි කිරීම් ලබා නොගෙන එහිදී සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවේ සාමාජිකයින් විසින් උක්ත තීන්දුව ප්රළකාශයට පත් කරන ලදි. ඉතා කඩිනමින්ම 1979.04.01 වන දින ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) හා එතුමණ්ගේ අදහස් පිළිගන්නා ආධාරකරුවන් මුර්තද්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූවන් යන තීන්දුව ප්රජසිද්ධියේ ජනතාව අතර ප්රිකාශයට පත් කලහ.
මුස්ලිම්වරුන්ට මුර්තද්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූවන් යන තීන්දුව ලබා දීම ඉස්ලාම් ෂරීආ නීතියට අනුව බරපතල කරුණකි. කෙනෙකුගේ කතාව කුෆ්රු තත්වයේ සහ කුෆ්රු නොවන තත්වයක පවතී නම් ඔහුට මුර්තද්, ඉස්ලාම් ධර්මයෙන් ඉවත් වූ අය හා ඔහුව ඝාතනය කල යුතුය යන තීන්දුව ලබා දිය නොහැකිය. ඒ වෙනුවට ඔහුගේ කතාවේ අරමුණ දැනගෙන ඒ අනුව ක්රිතයා කල යුතුය යන ෂාෆිඊ මද්හබ් නීති පොත්වල සඳහන් කරුණු පමණක් නොව ඉස්ලාමීය ෂරීආ වල සඳහන් මූලික නීති මෙහිදී අනුගමනය නොකල බව සඳහන් කල යුතුය.
එම ආගමික තීන්දුවේ කිසිම සාධාරණත්වයක් අනුගමනය නොකර අසාධාරණයක් සිදුව තිබීමත්, කලින්ම තීන්දුව තීරණය කල පසු සමුළුව කැඳවීම මෙහිදී අවධාරණය කිරීමට පුළුවන. එය සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් සිදු කරන ලද ඉතිහාසගත විශාල අසාධාරණයකි. එම “ෆත්වා” ආගමික තීන්දුව ලබා දීම ඉස්ලාම් මූලික ෂරීආ නීතියට අනුව නිවැරදිද?
ඉස්ලාම් මූලික ෂරීආ නීතියට මුළුමනින්ම වැරදි ක්රිියාකලාපයන් මගින් 1979 වර්ෂයේ ප්රමකාශිත එම තීන්දුවේ “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) යන දර්ශනය ප්රශතික්ෂේප කිරීමට නිවැරදි හේතු ඉදිරිපත් කර තිබේද? එවැන්නක් නැත. තීන්දුව ලබා දීමට ගන්නා ලද සාක්ෂි වැරදිය. ඒ වෙනුවට “අල් හූලුල්, අල් ඉත්තිහාද්” (යමක් තුලට බැසීම, එකට මිශ්රන වීම) ප්රීතිපත්තීන්ට විරුද්ධ සාක්ෂි එම තීන්දුවේ ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අපි සුන්නත්වල් ජමාඅත් ප්‍ර තිපත්තියට විරුද්ධවාදීන් යැයි ඔබ පවසන්නේ කෙසේද?
2015 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් පවත්වන ලද මනාකිබුස් සහාබා සමුළුවේ ගන්නා ලද තීරණවලදී “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) යන දර්ශනය ඉස්ලාම් ධර්මයට මුළුමනින්ම පටහැනි කුෆ්රු ඇති කරන දර්ශනයක් බව ඔබ විසින් තීරණය කර තිබුණි. එසේ නම් අපි අන්යාළගමිකයින් බව ඔබ විසින් කිව යුතුයි. එසේ නොකියා සුන්නත්වල් ජමාඅත් ප්‍ර.තිපත්තියට විරුද්ධවාදීන් යැයි ඔබ පවසන්නේ කෙසේද?
අදහස් වලට තීන්දුව ලබා දෙනවා මිස පුද්ගලයින්ට තීන්දුව ලබා දෙන්නේ නැත නමින් සඳහන් කරන ඔබ ඇතුළු සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව 1979 වර්ෂයේ නිකුත් කරන ලද “ෆත්වා” ආගමික තීන්දු පොත ඇතුළු මෑතකදී ඔබ විසින් ප්රමකාශිත අදහස් වලදී ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) තුමාණන්ගේ නම සඳහන් කලේ මන්ද? ඔබ හා සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව කියන දෙයට පටහැනිව ක්රිතයා කරන්නන් බව පිළිගන්නවාද?
අල්ලාහ්තආලා තමාගේ “දාත්” පැවැත්ම තුලින්, “සිෆාත්” ස්වභාවය තුළින් “අස්මාඋ” ශුද්ධවූ නාමයන් තුළින් ප්රගපංචය ලෙස දර්ශනය වී ඇත. ප්රංපංචය ලෙස පවතින්නේ අල්ලාහ්ය. ඔහු හැර අන් කිසිවක් නැත. පවතින්නේ ඔහු පමණකි. මා ඔහුගේ “දාත්” පැවැත්ම විනාශ නොවී, වෙනස් නොවී, විකෘති නොවී ඔහු පැවැති ආකාරයෙන්ම ප්රඔපංචය ලෙස විශ්වයේ “තජල්ලී” දර්ශනය වී ඇත. මෙම විශ්වය ඔහුගෙන් වෙන්වූ හෝ අන්යුවූ දෙයක් නොවේ. එය ඔහු වන බව “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) වේ. එකම යථාර්ථය ලෙස එය තෞහීද් වේ. සූෆිවරුන් පවසන දිව්‍යය දර්ශනය – අත්තජල්ලියාතුල් ඉලාහියියා එයයි.
“වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) යන අදහස කුෆ්රුයයයි ඔප්පු කර අල්කුර්ආන්, අල් හදීස්, අල් ඉජ්මා, අල් කියාස් හා සූෆිවරුන්ගේ අදහස් පදනම් කරගෙන ඔබ විසින් මහ ජනතාවට ප්‍ර සිද්ධියේ ලිඛිතව පැහැදිළි කළ හැකිද?
සියල්ල ඔහුම වේ යන කරුණ ඉස්ලාම් ධර්මයට මුළුමනින්ම පටහැනි කුෆ්රු ඇති කරන දර්ශනයක් බව කියන ඔබ ا لكلّ සැබැවින්ම සියල්ල ඔහුමය. وأن ليس فى الوجود غيره පැවැත්මෙහි ඔහුගෙන් තොර කිසිවක් නැත නමින් ඉහ්යාඋ උලූමිද්දීන් ග්රින්ථයේ පවතින හූජ්ජතුල් ඉස්ලාම් ඉමාම් ගස්සාලි රහිමහුල්ලාහ් තුමාණන්ට ඔබ දෙන තීන්දුව කුමක්ද?
فما فى الوجود إلّا الله අල්ලාහ් හැර යථාර්ථයෙන් වෙනත් කිසිවක් නොමැති බව ෆුතූහාතුල් මක්කියියා යන ග්‍ර න්ථයේ අෂ්ෂෙයිහුල් අක්බර් මුහ්යිද්දීන් ඉබ්නු අරබී රහිමහුල්ලාහ් තුමාණන්ට ඔබ ලබාදෙන තීන්දුව කුමක්ද?
දැනගන්න! වුජූද්හි පැවැත්මෙහි අල්ලාහ් හා ඔහුගේ ක්‍රි යාවන් හැර කිසිවක් නැත. සියල්ල “ඔහු” නමින් කල්වත්තින් රහසියම් යන ග්රැන්ථයේ සඳහන් කළ අෂ්ෂෙයිහු අබ්දුල් කාදිර් සූෆි හල්රත් කාදිරී කාහිරී රහිමහුල්ලාහු (කොළඹ, කුප්පියාවත්ත සුසාන භූමියේ භූමදානය කර ඇති) තුමාණන්ට ඔබ දෙන තීන්දුව කුමක්ද? එවැනි අදහස් ප්රනකාශ කල සූෆිවරුන්, තරීක්කාවල ෂෙයිහුවරුන් හට ඔබ ලබාදෙන තීන්දුව කුමක්ද?
අෂ්ෂෙයික් රිස්වි මුෆ්තී මහතාණෙනි,
“කාදියානිවරුන්, කාත්තාන්කුඩියේ අබ්දුර් රවූෆ්ගේ කණ්ඩායම, ෂීයාවරුන් හැර ලංකාවේ සිටින අනෙකුත් මුස්ලිම්වරුන් සුන්නත් වල් ජමාඅත් අය වේ” යන ඔබගේ ප්රභකාශට අනුව තබ්ලීග් ජමාඅත්, තව්හීද් ජමාඅත්, ජමාඅතේ ඉස්ලාමි වැනි වහ්හාබ් සංවිධාන සුන්නත් වල් ජමාඅත් පාරම්පරික මුස්ලිම්වරුන් ලෙසත් වහ්හාබ්වාදයට විරෝධය පල කරන අපිව සුන්නත් වල් ජමාඅත් ප්‍ර තිපත්තිවලට විරෝධී අය ලෙසත් ඔබ විසින් සඳහන් කර ඇත.
එසේ නම් අල් කුර්ආන්, අල් හදීස් පමණක් ඉස්ලාමීය මූලාශ්රි බව පවසමින් අල් ඉජ්මා, අල් කියාස් යන ඉස්ලාමීය මූලාශ්රක වලට විරුද්ධ වන්නන්, අල්ලාහ් අර්ෂ් යන අසුනේ අසුන් ගෙන සිටියි නැතහොත් අර්ෂ් වලට බැහැරින් සිටින බව පවසන්නන්, තරාවීහ් සලාතය රකාඅත් අටකට සීමා කරන්නන්, නබිවරුන්ගේ, වලීවරුන්ගේ සැමරුම් දිනයන්හි කොඩි එසවීම, මෞලිද් පාරායනය කිරීම, මලවුන්ගේ සැමරුම, රාතිබ්, වලීෆා, මීලාද් උත්සව, සලවාත්, මනාකිබ් මජ්ලිස් පැවැත්වීම, දානය දීම, සමූහ ප්‍රා,ර්ථනාවන් පැවැත්වීම, දික්ර් මජ්ලිස් පැවැත්වීම, වසීලා අපේක්ෂා කිරීම, තල්කීන් පාරායනය යනාදිය ෂිර්ක්, බිත්අත් බව කියන්නන්, නබිවරුන්, වලීවරුන්ගේ ස්මාරක බැහැදැකීම ඒ සඳහා ගමනේ යෙදීම ෂිර්ක් කියා ස්මාරක වන්දනය කියා පවසන්නේ කවුරුන්ද? සුන්නත් වල් ජමාඅත් අය විසින්ද? වහ්හාබිවරුන්ද? මෙවැනි පිළිවෙත් වලට විරුද්ධව යම්කිසි ආගමික තීන්දුවක් සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව විසින් ලබාදී තිබේද?
ලංකාවේ පාස්කු ඉරුදින බෝම්බ ප්රමහාරයෙන් සිය ගණනාවක අසරණ ජනතාව ඝාතනය කලේ කවුරුන්ද? සුන්නත් වල් ජමාඅත් අය විසින්ද? වහ්හාබිවරුන්ද? උක්ත සියලුම ක්රි්යාවන් සිදු කරන්නේ වහ්හාබිවරුන් යන්නෙහි කිසිම සැකයක් නොමැත.
සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව 1979 වර්ෂයේ ලබාදුන් ආගමික තීන්දුව පදනම් කරගෙන අන්තවාදී සහ්රාන් හාෂිම් කාත්තාන්කුඩියේ තමාගේ වහ්හාබි අන්තවාදී ප්ර්චාරක කටයුතු
සූෆි ප්රතජාව වන අපට විරුද්ධව ආරම්භ කලේය. ඒ හේතුවෙන් 2013 වර්ෂයේ සිට සහ්රාන් හාෂිම්ට විරුද්ධව කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ පැමිණිළි 11 ක් යොමු කලෙමු. පසුව 2016, 2017 වර්ෂවලදී කාත්තාන්කුඩියේ සහ්රාන් හාෂිම් හා ඔහුගේ අන්තවාදී කණ්ඩායම විසින් දේශද්රෝවහී අදහස් ප්‍ර1සිද්ධියේ ප්ර්චාරය කලහ. ඒ පිළිබඳව රටේ නායකයින් හා උසස් බලධාරීන් වෙත දැනුවත් කලෙමු. මුස්ලිම් ජනතාව හා ඉස්ලාම් ධර්මය කෙරෙහි වර්තමානයේ පවතින අප්රයසාදය නිවැරදි කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත්තෙමු. ඔබත් ඔබගේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවත් සහ්රාන් හාෂිම් යන අන්තවාදයට විරුද්ධව පැමිණිළි කීයක් කර තිබේද? ඔබ අන්තවාදී සහ්රාන් හාෂිම් ගැන කාටවත් දැනුවත් කලේද?
1979 වර්ෂයේ තාක්ෂණය නොදියුණු වකවානුවේදී කාත්තාන්කුඩියේ පැවැති මීලාද් උත්සවයේදී ගරු ෂෙයිහුනා මවුලවි අල්හාජ් ඒ.අබ්දුර් රවූෆ් (මිස්බාහි බහ්ජී) තුමාණන්ගේ වේදිකා කතාව අසා “ෆත්වා” ආගමික තීන්දු ලබා දීමට සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාවට හැකි නම් තාක්ෂණිකව දියුණු වකවානුවේදී අන්වාදී සහ්රාන් හාෂිම් විසින් කරන ලද වහ්හාබ්වාදයට සහාය වන හා රටට විරුද්ධ වන ප්රාසිද්ධ දේශනයන් අසා ඔබ “ෆත්වා” ආගමික තීන්දු ලබා දීමට අපොහොසත් වූයේ මන්ද? එහි රහස කුමක්ද?
මෙවැනි වාතාවරණය යටතේ ඔබ අප ගැන ප්රඔකාශ කරන වගකීමෙන් තොර අදහස් හා අසත්‍යද තොරතුරු අප විසින් කිසි විටක පිළිගැනීමට නොහැකි බව ස්ථීර වශයෙන්ම කියා සිටිමු.
අෂ්ෂෙයික් රිස්වි මුෆ්තී මහතාණෙනි,
අල්ලාහ් මත දිව්රා ප්ර්කාශ කරමු. මුහම්මද් නබි (සල්) තුමාණන්, වලීවරුන් හා ෂෙයිහුවරුන් පෙරටු කොටගෙන අපි පවසමු.
අල්ලාහ් ඒකීයයි. ඔහු තනි කෙනෙකි. සහයක් නොමැති පවිත්ර් කෙනෙකි. ස්වායත්ත පැවැත්මක් ඇත්තාය. ඔහුව කිසිවෙකු මැවුවේ නැත. සෑම දෙයක්ම මැවුවේ ඔහුය. සියල්ල ඔහුගෙන් යැපෙන්නේය. සියළු විශ්වයම ඔහුගෙන් ඇති වී තිබේ. ඔහු ස්වීයව සදාතනිකව පවතින්නේය. ආරම්භයක් හෝ අවසානයක් ඔහුට නැත. වස්තූන් වලට වඩා වෙනස් කෙනෙකි. ඔහු සියල්ලටම සවන් දෙන්නාය. සියල්ලම දකින්නාය. ඔහුට සමාන කිසිවක් නැත. ස්ථානය, ස්කන්ධය, කාලය, දිශාව යනාදියෙන් පාරිශුද්ධය. ඔහු පවිත්රටයි.
ඔහු මැවීම් මැවීමට පෙර කෙසේ පැවැතියේද එසේම දැනුත් පවතියි. ඔහුගෙන් තොරව කිසිවක් චලනය නොවේ. සියල්ල ඔහුගේ කැමැත්ත පරිදි සිදුවේ. ඔහු ප්රාවරම්භකයාය, සියල්ල අවසන් වූ පසුවද පවතින්නාය, බාහිරව පවතින්නාය, අභ්යෙන්තරගතව පවතින්නාය, සිතෙහි ඇතිවන සියලු සිතුවිලි වලට වඩා වෙනස්ව පවතින්නා ලෙස අපි ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර්රසූලුල්ලාහ් යැයි විශ්වාස කරන්නනෙමු. අල්ලාහ්ගේ අණ පිළිපදිමින් ඔහු වැළැක්වූ දේවල් වලින් වැළකී සිටිමු. අපි සලාතය ඉටු කරමු. උපවාසයේ යෙදෙමු. සකාත් දෙමු. හජ් වන්දනාවේ යෙදෙමු. අල්ලාහ්ගේ අල් කුරානය හා නබි (සල්) තුමාණන්ගේ සුන්නත් වූ පිළිවෙත් පිළිගෙන කටයුතු කරමු.
අපි කුලෆාඋර් රාෂිදීන් වරුන්ව ගෞරව කර ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරමු. අනෙකුත් සහාබාවරුන්ට ගෞරව කරමු. ෂාෆිඊ මද්හබ්, ඉමාම් ෂාෆිඊ රහ්මතුල්ලාහි අලෙයිහි තුමාණන්ව අනුගමනය කරමු. කාදිරියියාහ් තරීක්කා හා කුත්බුල් අක්තාබ් මුහ්යිද්දීන් අබ්දුල් කාදිර් ජීලානි රහ්මතුල්ලාහි තුමාණන්ව අනුගමනය කරමු. අනෙකුත් තරීක්කා, මෂාඉකුවරුන්ව ගෞරව කරමු. ඉමාම් අබුල් හසන් අල් අෂ්අරී රහ්මතුල්ලාහි තුමාණන්වත් අනුගමනය කරමු.
අපි සූෆි පිළිවෙත් අනුගමනය කළ සූෆි වරුන්ව අනුගමනය කරමු. හූජ්ජතුල් ඉස්ලාම් ඉමාම් ගස්සාලි රහුමතුල්ලාහු අෂ්ෂෙයිහුල් අක්බර් වල්මිස්හුල් අත්පර් මුහියිද්දීන් ඉබ්නු අරබී රහිමහුල්ලාහ් යන සූෆිවරුන්ගේ ඉගැන්වීම් අනුව “වහ්දතුල් වුජූද්” එකම පැවැත්ම. යථාර්ථී පැවැත්ම යනු අල්ලාහ්ය. අල්ලාහ් ඒකීයයි. ඔහුගේ පැවැත්ම පමණක් ඇත. මැවීම් ස්වාධීන පැවැත්මෙන් තොරය. අල්ලාහ්ගේ පැවැත්මෙන් ඒවා පවතී. සත්යඔ වශයෙන් මැවිල්ලක් නැත. ඇත්තේ අල්ලාහ් පමණකි. මැවීම් වශයෙන් දර්ශනය වන්නේ මැවීම් නොවේ. අල්ලාහ්ගේ යථාර්ථී පැවැත්ම මැවිලි වශයෙන් දර්ශනය වේ.
අල්ලාහ් යථාර්තවාදී පැවැත්ම යන්නාසේ මැවීම් වලට යථාර්තවාදී පැවැත්මක් ඇත්තේ යයි විශ්වාස කිරීම ෂිර්ක් වන්නේය. ඔහු පමණක් පවතින්නේය. ඔහු හැර කිසිවක් නොමැත. සියල්ල ලෙස අපට පෙනෙන්නේ මායාවකි. යථාර්ථයෙන් ඔහු පමණක් පවතින්නේය. එනිසා ඔහුට සමානව කිසිවෙකු හෝ කිසිවක් නොමැති බවත් අපි විශ්වාස කර ජනතාවට දේශනා කරමු. එසේ විශ්වාස කරන අපි පාරිශුද්ධ දේව විශ්වාසකයින්ය.
මෙම අදහස් අපගේ කැමැත්තට ප්රේකාශ කරන්නේ නැත. අල් කුරානය හා අල් හදීස් මූලාශ්‍රේ වශයෙන් ගෙන සූෆියාවරුන්, ෂෙයිහුවරුන් ඔවුන්ගේ ග්ර්න්ථවල සඳහන් කර ඇති කරුණු මූලික කරගෙන ජනතාවට දේශනා කරමු.
මැවිම්වල අල්ලාහ් බැස සිටින බව අවධාරණය කරන අල් හූලුල් මතවාදයද, මැවීම් සමග අල්ලාහ් සම්මිශ්රනව සිටීම අවධාරණය කරන “අල් ඉත්තිහාද්” මතවාදයද අපි තරයේම ප්රයතික්ෂේප කරමු.
අල් කුරානය, අල් හදීස්, මද්හබ් හතරක ඉමාම්වරුන්ගේ අදහස්, සූෆිවරුන්ගේ, තරීක්ක්කා ආරම්භ කල ෂෙයිහුවරුන්ගේ අදහස් වලට වෙනස් සියළුම මතවාදයන් අපි තරයේම ප්ර්තික්ෂේප කරමු. සියළු බලැති අල්ලාහ් අපගේ තත්වයන් හා අපගේ සිත්වල තිබෙන දේවල් හොඳින් දැන සිටින්නේය.
මෙලෙස අපගේ ස්ථාවරය අවස්ථා ගණනකදී ප්රිකාශ කර ඇත්තෙමු. මෙපමණ විස්තරාත්මකව, ප්රලසිද්ධියේ අපගේ තත්වය පැහැදිළි කල පසුවත් කවුරු හෝ අපිව කාෆිර්, මුර්තද්, මුෂ්රික්, සුන්නත්වල් ජමාඅත් ප්රේතිපත්තියට පටහැනි වූවන් ලෙස පවසන්නේ නම් ඔවුන්ගේ අවසානය අල්ලාහ් වෙත භාර කරමු.
අෂ්ෂෙයික් රිස්වි මුෆ්තී මහතාණෙනි,
1979 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් අසාධාරණ ආගමික තීන්දුව පදනම් කරගෙන වර්ෂ 41 ක් තිස්සේ නොයෙක් ආකාරයේ මර්ධනයන්ට, කාචන පීඩනවලට හා අයිතීන් උල්ලංඝනය කිරීම් වලට අපගේ සූෆි ප්රනජාවන් ලක් වෙමින් සිටී. කාත්තාන්කුඩියේ හා පිට පළාත්වල සූෆි ප්රජතිපත්තීන් අනුගමනය කරන දහස් ගණනාවක මුස්ලිම්වරුන් ආගමික, සමාජ, දේශපාලන, ආර්ථික මට්ටමින් විශාල පසුබෑමකට පත්ව සිටිති. ඔවුන්ට ජීවිත තර්ජන එල්ලකොට ඔවුන්ගේ නිවෙස්, දේපල, ව්යාුපාරික ස්ථාන යනාදිය විනාශ කොට, ගිනිබත් කොට, හානි කොට සරණාගතයින් බවට පත් කරන ලදි.
1979 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් අසාධාරණ ආගමික තීන්දුව පදනම් කරගෙන 1998.05.29 දින සූෆි ආගමික නායකවරයෙකු වන මවුලවි එම්.එස්.එම්.ෆාරූක් කාදිරි තුමාණන් කාත්තාන්කුඩියේ ඔහුගේ නිවසේදී වහ්හාබ්වාදීන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. තවද 1979 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් අසාධාරණ ආගමික තීන්දුව පදනම් කරගෙන සහ්රාන් හාෂිම් යන අන්තවාදියා ඔහුගේ දේශනයන් කාත්තාන්කුඩියේ ආරම්භ කර අඛණ්ඩව කාත්තාන්කුඩියේ පැවැත්විය. උක්ත සියළුම සිදුවීම් සියල්ල 1979 වර්ෂයේ සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් අසාධාරණ ආගමික තීන්දුව පදනම් කරගත් සිදුවීම් බව නැවතත් ඔබට සිහිපත් කරමු.
අෂ්ෂෙයික් රිස්වි මුෆ්තී මහතාණෙනි,
ඉස්ලාමීය ෂරීආ නීතිවලට මුළුමනින්ම පටහැනි වූද, අසාධාරණ වූද, අයුක්ති සහගත වූද අපගේ මව් රටේ නීතිවලට විරුද්ධ වූද සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් අසාධාරණ ආගමික තීන්දුව අනුමත කළ ඔබ ඊස්ටර් දින බෝම්බ ප්රංහාරයෙන් පසු 2019.11.22 වන දින කාත්තාන්කුඩියට පැමිණි අවස්ථාවේදී සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබාදුන් කිසිම “ෆත්වා” ආගමික තීන්දුවක් ඉල්ලා අස් කරගෙන නොමැති බව ප්රලසිද්ධියේ ඔබ විසින් ප්රංකාශ කරන ලදි.
ඔබ හා සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව 1979 වර්ෂයේ ප්රරකාශයට පත් කර ක්රි්යාත්මක කරන “ෆත්වා” ආගමික තීන්දු පොතේ “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) යන ප්රිතිපත්තිය වැරදි බව අල් කුරානය, අල් හදීස්, අල් ඉජ්මා, අල් කියාස් පදනම් කරගෙන කිසිම මූලාශ්රියන් ඉදිරිපත් නොකර අඛණ්ඩව ශ්රීඅ ලාංකික අසරණ මුස්ලිම් ජනතාව ඔබ විසින් මග පෙන්වනු ලබන්නේය.
එබැවින් සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව ලබා දුන් ආගමික තීන්දුවේ ස්ථීරව සිටින ඔබ “වහ්දතුල් වුජූද්” (සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි.) යන්න කුෆ්රු ප්‍ර තිපත්තිය බව ඔප්පු කර අල් කුරානය, අල් හදීස්, අල් ඉජ්මා, අල් කියාස් පදනමින් හා සූෆි විද්වතුන්ගේ අදහස් අනුව මහ ජනතාවන්ට ප්රයසිද්ධියේ පැහැදිළි කල යුතු යැයි සියළු බලැති අල්ලාහ්ගේ නාමයෙන් නැවත වරක් සිහිපත් කරන්නෙමු. ස්තූතියි.
සියළු බලැති අල්ලාහ් අපි සියල්ලන්ටම යහ මග පෙන්වත්වා!
වස්සලාම්.
මවුලවි K.R.M.සහ්ලාන් රබ්බානී BBA (Hons)
ලේකම්
අල්හාජ් අබ්දුල් ජවාද් ආලිම් වලියුල්ලාහ් භාරකාර පදනම
කාත්තාන්කුඩි.